Gossips

බදුල්ල – මහියංගණය මාර්ගයේ විරෝධතාවක්

මහියංගණය – බදුල්ල ප්‍රධාන මාර්ගය මැදඔය මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ඒ, පසුගියදා අවුරුදු 6 ක සිසුවෙක් වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයකට යටවී මියයාමේ සිද්ධියකට විරෝධය පළ කරමින් සහ පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ එම මාර්ගයේ ධාවනය කිරීම වළක්වන ලෙස ඉල්ලමින්.
මේ හේතුවෙන් බදුල්ල – මහියංගණය මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.