බදුල්ල – තෙල්බැද්ද වත්ත මාර්ගයේ කංකානි ලයිම ප්‍රදේශයේදී කැබ් රථයක් අඩි 80 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී එම කැබ් රථයේ තවත් දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් ද තුවාල ලබා ඊයේ බදුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 50ක් වයසැති බදුල්ල – පස්සර 2 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
