බදුල්ල ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් 847550 ක් වටිනා ස්වර්භාණරණ සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අත්අඩංගුවට ගැනුනේ හොරණ ප්‍රදේශයේදීයි.
සොරකම් කළ කරාඹු ජෝඩු 54 න් 32 ක් සහ මුදු 6 ක් ද අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී සොයා ගැනුනා.
මෙම කාන්තාවන් දෙදෙනා හොරණ ප්‍රදේශයේ සිදු කළ මෙවැනිම සවර්ණාභරන සොරකමක සැකකරුවන් බවටයි පොලිසිය හඳුනාගෙන ඇත්තේ.
ඊට අදාළව හොරණ අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණි අවස්ථාවේ සැකකාරිය අත්අඩංගුවට ගැනුනා.
අනෙක් කාන්තාව අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියාත්මකයි.
