බදුල්ල කොකෝවත්ත ප්රදේශයේ ව්යාපාරික ස්ථානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද අලුයම 1.45 ට පමණ ගින්න හටගෙන ඇත්තේ වාහන අමතර කොටස් අලෙවි කරන තෙමහල් ගොඩනැගිල්ලකයි.
ලැබුනු තොරතුරකට අනුව බදුල්ල පොලිසිය ගිනි නිවීම් ඒකකය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.
ගින්න හටගෙන ඇති තෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශවී ඇති අතර එය යාබද වෙළඳසැලට ද පැතිර ගොස් ඇති අතර මියගොස් ඇත්තේ එම ව්යාපාරික ස්ථානයේ හිමිකරුයි.
බදුල්ල ප්රදේශයේම පදිංචි 40 හැවිරිදි එම පුද්ගලයා ගින්නට හසුවී පිළිස්සුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබෙනවා.
ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිදුවූ අලාභය ද තක්සේරු කර නැහැ.
සිද්ධිය පිළිබඳ බදුල්ල පොලිසිය විමර්ශන මෙහෙයවනවා.
ඡායාරූප – ලුණුගල ප්රසන්න පත්මසිරි