බදුල්ල ප්‍රදේශයේ වන රක්ෂිත 3ක ලැව් ගිනි හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඇල්ල – ආරුක්කු පාලම කන්ද, වැලිමඩ – ගවරම්මාන කන්ද සහ රෝහල් කන්ද යන රක්ෂිතවල ඊයේ (20) පස්වරුවේ මෙම ගිනි ගැනීම් හටගෙන ඇති බවයි.
ගින්නෙන් අක්කර 50ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, රක්ෂිත ආසන්නයේ තිබූ නිවසයකට ද හානි සිදුව තිබෙනවා.
