බදුල්ල, හාලිඇල, වැලිමඩ සහ පස්සර ආදී ප්‍රදේශවලට අද (16) උදෑසන සුළු භූ චලන තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ බව හිරු වාර්තාකරුවන් සඳහන් කළ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර කියා සිටියේ අද පෙරවරු 8.15ත්, 8.20ත් අතර කාලය තුළ එම තත්ත්වය වාර්තා වූ බවයි.
