බදුල්ල – හිදගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 660ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බදුල්ල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී බදුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම 57 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර, බදුල්ල – බදුලුපිටිය ක්‍රීඩාංගණය අසළ දී ද හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 640ක් සමඟ 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනාම අද (01) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
