Gossips

බදුල්ලේ කොට්ඨාශ අටක ජනතාවට අනතුරු ඇඟවීමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 8 ක ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අනුව පස්සර, ලුණුගල, බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම මධ්‍යස්ථානය කියාසිටියේ.
තවදුරටත් අඛණ්ඩව වැසි පැවතුනහොත් නායයාම් සහ පස් කඳු සහ ගල් කඩා වැටීම් පිළිබඳ අවධානය යොමු කරන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.