Gossips

බදුල්ලේ අනතුරු දෙකකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට

බදුල්ල කෝට්ටෙගොඩ රෝහල අසල දී ලංගම බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ (08) සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර බදුල්ල නගරයේදී මෝටර් රථයක් විදුලි සංඥා කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහිදි මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.