Gossips

බදුල්ලේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (ඡායාරූප)

බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් අඹගහ ඔය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලි යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (29) රාත්‍රීයේ සිදු වූ මේ අනතුරින් තුවාල ලැබූ සිව්දෙනෙකු බදුල්ල පළාත් රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
තුවාල ලැබුවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
පෙරළි ගිය කැබ් රථය තුළ තිබී අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් පොත්පත් රැසක් හා පාර්සල් කීපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර බදුල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.