Gossips

බදුරලියේදී ගඟට පැනපු පුද්ගලයා සොයා මෙහෙයුම්

අධික වර්ෂාවත් සමඟ හැමෝම පුදුම කරන්න හිතාගෙන වැඩිවූ සැඩපහරට පැනපු පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්වූ පුවතක් බදුරලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි එක් දරු පියෙකු බවටයි වාර්තා වන්නේ.
ඊයේ දිනයේද තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ එහි පැමිණ ඇති මෙම තරුණයා මාරගහදෙනි පාලමේ සිට මගුරු ගගට පැන ඇති බවටයි තොරතුරු හෙළිවී ඇත්තේ.
ඔවුන් කිහිප වතාවක් එලෙස පැන ඇති අතර එක් අවස්ථාවකදී අදාළ තරුණයා මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
ගම්වාසින් එක්ව අතුරුදන් පුත්ගලයා සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කලද වැඩිවූ සැඩ පහර එයට හරස්වී තිබෙනවා.
පසුව අද උදෑසන කොළඹ නාවික හමුදා රංගන බල ඇනියේ කිමිදුන්කරුවන් තිදෙනෙකු සහ නාවික හමුදා නිලධාරීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් ගගෙහි ජලය ඉහල මට්ටමක පවතින නිසාත් ගලා යන ජලයේ සැඩ පහර නිසාත් කිමිදුන් කරුවන්ට එම කාර්ය කිරිමට අපහසු බවයි වාර්තා වන්නේ.