Gossips

බද්ද නිසා කැරට් 18 ට සුභයි

ආනයනික රත්‍රං සදහා වටිනාකම මත නව බද්දක් පැනවීමට රජය ගත් තීරණයත් සමඟ ඉදිරියේදී කැරට් 22 වෙනුවට කැරට් 18 රත්‍රං මෙරටට හඳුන්වාදීම සිදුකළ යුතු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.
නව බද්ද පැනවීමත් සමඟ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000 කින් පමණ ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 7000 කින් ද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
මෙම තත්ත්වය රත්‍රං ව්‍යාපාරිකයින්ට ද දරා ගත නොහැකි බවයි මැණික් හා ස්වර්ණාභරණ හුවමාරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, රන් මිල ඉහළ යාම දරාගත හැකි අන්දමින් කැරට් 22 වෙනුවට කැරට් 18 හඳුන්වා දිය යුතු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උපදේශක සිරිචන්ද්‍ර එදිරිසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.