Gossips

බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ්

පුද්ගලයෙකුට තර්ජනය කර, තවත් අයෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රදීප් කුමාර ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරු අද (22) බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල හමුවට ඉදිරිපත් කෙරුණා.
වදුරඹ – පන්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස මන්ත්‍රීවරයා තර්ජනය කර තිබූ අතර, පසුව ඔහුගේ පුතුට පහරදුන් බවටයි පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ.