Gossips

බද්දෙන් කුඩා වාහන අලෙවිය පහළට

බදු ඉහල නැංවීම හේතුවෙන් එන්ජින් ධාරිතාව 1000ට අඩු දෙමුහුන් සහ පෙට්‍රල් වාහනවල අලෙවිය පහත වැටී තිබෙනවා.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් කියා සිටියේ සමස්තයක් ලෙස ගත් කළ වාහන අලෙවියේ අඩුවක් මේ දිනවල දක්නට ලැබෙන බවයි.

එන්ජින් ධාරිතාව දහසකට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බදු ඉහළ නැංවීමත් සමඟ ඇල්ටෝ, වැගන්ආර්, නිසාන් ඩේස්, වැනි කුඩා වාහන වර්ගවල මිල රුපියල් තුන්ලක්ෂ 75,000 කින් පමණ ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් මීට ඉහතදී ප්‍රකාශ කළා.
පසුගිය අගෝස්තු පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කළ අතර, එදිනට පෙර ණයවර ලිපි විවෘත කර, ලබන වසරේ ජනවාරි මාස 31 වන දිනට පෙර නිෂ්කාෂණය කර ගනු ලබන වාහන සඳහා මෙම බදු සංශෝධනය අදාළ නොවන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
නව බදු සංශෝධනයෙන් එන්ජින් ධාරිතාව 1000 කට නොවැඩි සාමාන්‍ය මෝටර් රථයක් සඳහා ඒකක බද්ද රුපියල් පහලොස් ලක්ෂයක් ලෙස නියම කර ඇති අතර, එන්ජින් ධාරිතාව 1000ට නොවැඩි විදුලිබලයෙන් ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ධ සංශෝධනය කර ඇත්තේ රුපියල් දොලොස් ලක්ෂ 50,000 කින්.