Gossips

බත් පාර්සල්, තේ සහ කොත්තු මිල අඩුවේ

බත් පාර්සලයක මිල රුපියල් 10 කින් සහ තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට මෙම මිල ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර කොත්තු සහ ෆ‍්‍රයිඩ් රයිස් මිලද රුපියල් 10 කින් පහළ දැමීමට කටයුතු කරන අතර, කිරිතේ සඳහා පවතින මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය සඳහන් කළේ තෙල් මිල සූත්‍රය ඉවත් කොට මිල පහත දැමීමක් සිදුකිරීමට රජය කටයුතු කළහොත් ත්‍රිරෝද රථ ගාස්තුවද පහළ දැමීමට කටයුතු කරන බවයි.
එමෙන්ම බේකරි හිමියන්ගේ සංගමයද තම නිෂ්පාදනවල මිල පහත හෙළීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුකරන බවයි වාර්තාවන්නේ.