බණ්ඩාරවෙල සහරා ෆ්ලෑෂ් සංගීත ප්‍රසංගය අතරතුර වේදිකාව යුද පිටියක් වෙයි "(සජීවී දර්ශන මෙන්න)
රටම දන්න සහරා ෆ්ලෑෂ් සංගීතවත් කළ ප්‍රසංගයට බණ්ඩාරවෙල දී
ජනප්‍රිය සංගීත කණ්ඩායමක්වන සහරා ෆ්ලෑෂ් බණ්ඩාරවෙල නගරසභා ක්‍රීඩාංගණයේදී සහභාගී වූ සංගීත සංදර්ශනයක් අතරතුර ඊයේ රාත්‍රී ගැටුමක් හටගත්තා.
මෙම ගැටුම හේතුවේ වේදිකාවට සහ ක්‍රීඩාංගණය ආවරණය කිරීමට යොදාගත් උපකරණ වලට දැඩි හානි සිදුව ඇති බවයි අප බණ්ඩාරවෙල වාර්තාකරු පවසන්නේ.
ඊයේ සවස 6 ට ආරම්භ වූ සංගීත ප්‍රසංගය රාත්‍රී 10 ට අවසන් කිරීමට නියමිතව තිබුනා.
ඒ සඳහා බණ්ඩාරවෙල පොලිස් ස්ථානයෙන්ද නිසි අවසර ගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ.
නමුත් සංවිධායකයින් රාත්‍රී 10 ට අවසන් වීමට නියමිතව තිබූ ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර රාත්‍රී 9.30 වනතෙක් අලෙවි කර තිබෙනවා.
එම ප්‍රවේශපත් ලබාගත් පුද්ගලයින් ප්‍රසංගයට පැමිණ සුළු වෙලාවකින් ප්‍රසංගය අවසන් වීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවූ බවයි පොලිසිය පවසන්නේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු අපවෙත ප්‍රකාශ කළේ සංවිධායකයින්ගේ ගැටළුවක් හේතුවෙන් මෙම ගැටුම ඇතිවූ බවත් ඔවුන් කිසිවිටෙක සංගීත කණ්ඩායම සමඟ ආරවුලක් ඇතිකරනොගත් බවයි.
සංගීත කණ්ඩායමේ කිසිදු වාද්‍ය භාණ්ඩයකට හානි සිදුවී නොමැති බවත් ඔහු හිරු පුවත් වෙත තහවුරු කළා.
මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 15 දෙනෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අද දිනයේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවයි පොලිසිය අපවෙත සඳහන් කළේ.
මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ බවත් පොලිසිය අපවෙත තහවුරු කළා.
අදාළ සිදුවීම පිළිබඳව සහරා ෆ්ලෑෂ් නායකයා පැවසුවේ මෙවැන්නක්.