Gossips

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක් (ඡායාරූප)

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ඇති වූ ගින්නෙන් එහි තැන්පත් කර තිබූ නඩු ලිපිගොනු රැසකට හානි සිදු වී තිබෙනවා.
අද (30) උදෑසන 9යි 20ට පමණ ගින්න හටගත් අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබුණේ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින්.
පසුව පොලිසිය සහ බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය මැදිහත්ව ගින්න මැඩ පවත්වනු ලැබුවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය කඩා කප්පල්කාරී ක්‍රියාවක් ද යන්න සෙවීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය විමර්ශණයක් ද ආරම්භ කර තිබෙනවා.
ගින්න ඇති වූ ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා ද පැමිණීමට නියමිතයි.

ඡායාරූප – වියලුව, නිශාන්ත කුමාර