Gossips

බණ්ඩාරවෙල – කොටබෙත්ම රක්ෂිතයේ ගින්නක්

බණ්ඩාරවෙල – කොස්ලන්ද – කොටබෙත්ම රක්ෂිතයේ අද අලූයම හට ගත් ගින්නකින් අක්කර 30 ක පමණ වනාන්තර ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පොලීසිය සදහන් කළේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා එක්ව මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි.
එමෙන්ම, ඊට සහය ලබා ගැනීම සදහා දියතලාව හමුදා කදවුරේ නිලධාරින් සහ ගුවන් හමුදා නිලධාරින් ද එක්වීමට නියමිතයි.