Gossips

බණ්ඩාරවල සංගීත ප්‍රසංගයේදී කලහ කළ 19 දෙනෙකු රිමාන්ඩ්

බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 දෙනෙකු මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් ඊයේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලීසියේ නියෝග මත සංගීත ප්‍රසංගය අතරමග නතර කිරීමත් සමඟ කුපිත වූ රසිකයන් වේදිකාවට පුටු සහ ගල් මුල්වලින් පහරදීම නිසා පෙරේදා රාත්‍රියේ මෙම කලහකාරී තත්ත්වය මතු වුණා.
සිද්ධිය පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් සමඟ ද ඔවුන් ගැටුමක් ඇති කර ගත් අතර අනතුරුවයි මෙම පිරිස අත්අඩංගුවට ගැනුණේ.