බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ බණ්ඩාරගම – ගම්මන්පිල වැව අසලදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එහිදී බරපතල තත්ත්වයේ පසු වූ අනෙක් යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සදහා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මිය ගිය පුද්ගලයා බණ්ඩාරගම – මැදගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.