Gossips

බණ්ඩාරගමදී මෝටර් රථයකින් ගව මස් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

කළුතර, බණ්ඩාරගම,රයිගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් නීතිවිරෝධී ලෙස ගව මස් කිලෝ 300 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් 28 සහ 34 හැවිරිදි පුත්තලම සහ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.