Gossips

බණ්ඩාරගමදී බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකුට බරපතල තුවාල

බණ්ඩාරගම කලුතර මාර්ගයේ ගොරොක්ගස් හංදිය ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අද උදෑසන 6.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
අතුරු පාරක සිට පැමිණෙන පුද්ගලයෙකු මාර්ගයේ අනෙක් පස නවතා ඇති බස් රථයකට නැගීම සඳහා මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී තවත් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම අටලුගම පදිංචි 75 හැවිරිදි පස්දරු පියෙක්.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.
මෙම අනතුර සිදුවන ආකාරය අසල නිවසක සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුනා.