Gossips

බඩඉරිඟු වගාව ඉහළ නැංවීමට පියවර

මෙවර මහ කන්නයේදී බඩ ඉරිගු වගා කරන අක්කර ප්‍රමාණය 250,000 දක්වා ඉහළ නංවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එමගින් ජාතික අවශ්‍යතාව සියයට 50කින් සපුරා ගැනීමට හැකිවනු ඇති බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.
මේ වසර තුළ ආනයනය කර ඇති බඩඉරිගු ප්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 80,000 කට ආසන්න වනවා.
බඩ ඉරිගු ආනයනකරුවන් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරිමට බලපත්‍ර ලබා දෙන ලෙසට ඉල්ලා සිටියද දේශීය ගොවියා ආරක්ෂා කිරිම සදහා ඊට අවසර ලබා නොදිමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තිරණය කර ඇත්තේ.