Gossips

බටුවන්ගලදී වැටලූ මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානය

පිළියන්දල, බටුවන්ගල ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් අද (14) වටලා තිබෙනවා.
ගල්කිස්ස පොලිස් දුෂණ මර්ධන කොට්ඨාශය වෙත ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී එම සැකකරු අදාළ නිවසේ දෙවන මහලේ රැදී සිට මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිට තිබෙනවා.
ඔහු මෙම නිවසේ කුලී පදනම මත රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී ලක්ෂ 20ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 120ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වයසැති පුද්ගලයෙක්.
සැකකරු අද (14) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.