Gossips

බට්ටිට රුපියල් 55,000 ක වන්දියක්

2014 වසරේ සැප්තැම්බර් 6 වන දින රත්නපුර බස්නැවතුම්පලේදී පොලිස් සැරයන්වරයෙකු කාන්තාවකට සිදුකළ පහරදීම හේතුවෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා.
ඇය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින්.
ඒ අනුව පහරකෑමට ලක්වූ වීරසිංහ ආරච්චිලාගේ කාන්තිලතා හෙවත් බට්ටි නැමති මෙම කාන්තාවට රුපියල් 55,000 ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පොලිස් සැරයන්වරයාට නියෝග කර තිබෙනවා.
මෙම පහරදීම හේතුවෙන් තමාට සිදුවූ කායික, මානසික සහ අපහාසයන් වෙනුවෙන් මෙම කාන්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවේ රුපියල් කෝටි 5 ක වන්දියක් ඉල්ලායි.
අදාළ කාන්තාව මේ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කළ දිනයේ අප ගෙන ආ පුවත් වාර්තාව පහතින්.