ලිංගික අධ්‍යාපනයේ මුවාවෙන් බටහිර මතවාදයන් මෙරට පතුරුවාලීමේ උත්සහයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අකුරැස්ස – හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එවැනි උත්සහයකට ඉඩ ලබාදිය යුතු නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ.
