බටහිර ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 24 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
බාලාබුලූක් දිස්ත්‍රික්කයේ මෙහෙයුමක් සඳහා යාමට සූදානමින් සිටි ඇෆ්ගනිස්ථානයේ හමුදා සාමාජිකයින් පිරිසකටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
දෙපිරිස අතර දරුණු ගැටුමක් ඇතිවී තිබෙන අතර එහිදී තලේබාන් සංවිධානයට සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
