Gossips

බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි සහතික පිරිනැමීම ජනපති අතින්

සපුගස්කන්ද – බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා නිමකළ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට උපාධි සහතික පිරිනැමීම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.
යුද, ගුවන්, නාවික නිලධාරීන් සහ විදේශ රටවල සිසුන් 14 දෙනෙකු ඇතුලූ 136 දෙනෙකු මෙහිදී උපාධි සහතික හිමිකරගෙන තිබෙනවා.
තෝරාගත් ත්‍රිවිධ හමුදා සහ රාජ්‍ය ආයතනවල නිලධාරින්ගේ වෘත්තිය අවබෝධය දියුණු කිරීම සහ පුහුණු කිරීමයි බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේදී සිදුවන්නේ.
පාඨමාලාවේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පිරිස් වෙත සම්මාන පිළිගැන්වීමද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් අද සිදුවුණා.
එහි නව පුස්තකාලයද ජනාධිපතිවරයා විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.