Gossips

බටපොල උණුසුම් කළ උපන්දින සාදයේ පහරදීම

බටපොල ප්‍රදේශයේ පැවැත්වූ උපන්දින සාදයකට කඩා වැදුණු තරුණයින් පිරිසක් සිදුකළ පහරදීමකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
පෙරේදා රාත්‍රී 10 30ට පමණ මෙම පහරදීම සිදුව තිබෙනවා.
ඒ බටපොල, හතරේ කනුව, දික්බැද්ද ප්‍රදේශයේ පිහිටි ගරාජයක උපන්දින සාදයක් සමරමින් සිටින අතරතුරදී.
කඩු පොලු රැගත් පිරිසක් මෙම පහරදීම සිදුකර තිබුනේ උපන්දින සාදයේදී සිදුවූ බහින්බස් වීමේ සිද්ධියක් මුල්කරගනිමින්.
පහරදීමෙන් තුවාල ලැබූ 05 දෙනෙක් ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්වයේ පසුවූ තිදෙනෙක් ගාල්ල රෝහලවෙත මාරුකර යවා තිබෙනවා.