Gossips

බගවන්තලාව බඹර ප්‍රහාරයකින් 9දෙනෙක් රෝහලේ (ඡායාරූප)

බගවන්තලාව ලොයිනෝන් වතුයායේ තේ දලූ නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු නවදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අද (03) උදැසන මෙම අනතුර සිදුවී ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.
තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් වතු කම්කරු කාන්තාවකගේ පයට පෑගිමෙන්නුයි අනතුර සිදුව ඇත්තේ.
මෙම බඹර කූඩු හේතුවෙන් තම ජිවිත වලට දැඩි අවධානමක් එල්ල වී ඇති බව වතු කම්කරුවන් පවසනවා.
එම නිසා බඹර කූඩු ඉවත් කර දෙනමෙන් වතු ආශ්‍රිත ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

( ඡායාරූප – රංජිත් රාජපක්ෂ )