Gossips

බක්මහ දිවුරුම හෙට

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම හෙට සිදුකිරීමට නියමිතයි.
එහි ප්‍රධාන උත්සවය උදෑසන 8.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්වෙන අතර, ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් ද එක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
හෙට පෙරවරු 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයින් සහ පොදු මහජනතාව බක් මහ දිවුරුමට එක් කර ගනු ලබනවා.
එය සිංහල සහ දෙමළ බසින් දිවුරුම සිදුකිරීමට නියමිතයි. එමෙන්ම පෙරවරු 8.34 සිට 8.36 දක්වා පාසල් සිසුන් වෙනුවෙන් ද බක්මහ දිවුරුම ඉදිරිපත් කර තිබෙනවා.