Gossips

බකමූණේ පුරාවස්තු සොයා කැණීම් කළ හතරදෙනෙකු අත්අඩංගුවට

බකමුණ – සරුබිම ප්‍රදේශයේදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර 51 සහ 55 හැවිරිදි වියේ පසුවන අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ද සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අනෙක් සැකකරුවන් දෙදෙනා 18 සහ 43 යන වයස්වල පසුවන ජයසිරිපුර සහ පතිරණ ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.