මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙකු ඇතුළත් වනවා.
දේශීය ක්‍රීඩකයන් 165 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයන් 365 දෙනෙකු ඒ සඳහා තෝරාගෙන ඇති අතර, ලසිත් මාලිංග, කුල්නා ටයිටන්ස්, පිළ වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ එහි පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන විසින්.
ඉසුරු උදාන සහ සීක්කුගේ ප්‍රසන්න රාජ්ෂාහි කිංග්ස් පිළ වෙනුවෙන් තෝරාගෙන ඇති අතර, ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක තිසර පෙරේරා සහ අසේල ගුණරත්න නියෝජනය කරන්නේ කොමිල්ලා වික්ටෝරියන්ස් පිළයි.
දසුන් ශානක, චිතගොං වයිකිංස් පිළ වෙනුවෙන් තෝරාගෙන තිබෙනවා.
