Gossips

බංග්ලාදේශ මැතිවරණය සතියකින් කල් යයි

ලබන දෙසැම්බර් 23 වන දා පවත්වන බවට ප්‍රකාශ වූ බංග්ලාදේශ මහමැතිවරණය දෙසැම්බර් 30 වන දා දක්වා සතියකින් කල් තැබීමට එරට ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා අද තීරණය කළා.
ඒ, මැතිවරණය සඳහා සූදානම්වීමට කල් අවශ්‍ය බවට විපක්ෂය කළ ඉල්ලීම් හේතුවෙන්.
අගමැතිනී ෂීක් හසීනාගේ අවාමි ලීගය මෙවර මැතිවරණය සඳහා තරඟ වදින්නේ තුන් වන වරටත් බලයට පත්වීමේ අපේක්ෂාවෙන්.
පසුගිය මහමැතිවරණය වර්ජනය කළ ප්‍රධාන විපක්ෂය වූ බංග්ලාදේශ ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙවර ඒකාබද්ධව තරඟ වදිනවා.
බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකා බේගම් ඛලීඩා සියා මේ වන විට බන්ධනාගාරගතව සිටින්නේ දූෂණ චෝදනාවලට වැරදිකාරියක වීම හේතුවෙන්.