Gossips

බංග්ලාදේශ මැතිවරණයට ඇමරිකාවෙන් නිරික්ෂකයන්

දෙසැම්බර් 30 වනදා පැවැත්වෙන බංග්ලාදේශ මහ මැතිවරණය සඳහා නිරීක්ෂණ කණ්ඩායම් 12 ක් එවීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.
එමෙන්ම බංග්ලාදේශයේ දේශීය නිරීක්ෂණ සංවිධානවලටද ඇමරිකාව මූල්‍යාධාර සපයන බවයි ඩකා නුවර ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.
අගමැතිනි ෂීක් හසීනා තුන්වන වරටත් බලය අපේක්ෂා කරන මෙම මැතිවරණය සඳහා ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජතික පක්ෂය ද සහභාගි වනවා.
එහෙත් එම පක්ෂයේ නායිකාව වෙන හිටපු අගමැතිනි ඛලිඩා සියා මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින්නේ දූෂණ චෝදනාවලට වරදකාරියක බවට තීන්දු කිරීම හේතුවෙන්.