බංග්ලාදේශ මාධ්‍යවේදිනියක කපා කොටා ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
මෙලෙස ඝාතනයට ලක් වූයේ 32 හැවිරිදි Subarna Nodi නමැති තරුණ මාධ්‍යවේදිනියයි.
ඇය Ananda TV නමැති බංග්ලාදේශ රූපවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසත්, ජගරූටූ බෙංගාලා පුවත් පතේ මාධ්‍යවේදිනියක් ලෙසත් රාජකාරි කර තිබෙනවා.
සුබර්නා පදිංචිව සිට ඇත්තේ බංග්ලාදේශයේ පබ්නා ප්‍රදේශයේ බවයි වාර්තාවන්නේ.
කිසියම් පිරිසක් 28 රාත්‍රියේ ඇගේ නිවසට ඇතුළු වී, තියුණු ආයුදවලින් ඇයට පහර දී මරා දමා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.