ඩුබායි සිට බංග්ලාදේශයේ ඩකා නුවරට ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඊයේ පැමිණි මගී ගුවන් යානයක වැසිකිලියේ සගවා තිබූ රන් කිලෝ 12ක්, එරට රේගු බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
රන් කැබලි 106ක් එහි කණ්ණාඩිය පිටුපස අලවා තිබූ බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශයේ ජාතික ආරක්ෂක බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.
රන් තොගය ගෙන ආ පුද්ගලයන් පිළිබදව විමර්ශන සිදුකෙරෙන අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.
රන් තොගයේ වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 9කට ආසන්නයි.
