කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස ඉනිමක නව වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 214 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹා ගිය බංග්ලාදේශය ඊයේ පැවති නිදහස් කුසලාන තරගය කඩුලූ 5 කින් ජයග්‍රහණය කළා.
එය බංග්ලාදේශය විස්සයි විස්ස තරගයකදී හඹා ගොස් ලබාගත් විශාලතම ජයග්‍රහණය මෙන්ම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 4 වන විශිෂ්ඨතම හඹා යාමයි.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මහමුදුල්ලා පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ශ්‍රී ලංකාවට ඇරයුම් කළ අතර, ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා.
එහිදී කුසල් ජනිත් පෙරේරා පන්දු 48 කදී ලකුණු 74 ක් ලබාගත් අතර, කුසල් මෙන්ඩිස් පන්දු 30 කදී ලකුණු 57 ක් රැස් කළා.
උපුල් තරංග නොදැවී ලකුණු 32 ක් රැස් කළේ පන්දු 15 කින්.
කෙසේ නමුත් බංග්ලාදේශය පන්දු වාර 19 යි පන්දු 4 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 215 ක් රැස් කරමින් තරගයේ ජය හිමිකරගත්තා.
එහිදී මුෂ්ෆිකර් රහීම් පන්දු 35 කදී ලකුණු 72 ක් රැස් කළ අතර, තමීම් ඉක්බාල් පන්දු 29 කදී ලකුණු 47 ක් සහ ලින්ටන් ඩාස් පන්දු 19 කදී ලකුණු 43ක් ලබාගත්තා.
මෙම තරගයේ ප්‍රතිඵලයත් සමග නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය විවෘත එකක් බවට පත්වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය යන කණ්ඩායම් 3 ම තරග 2 කට සහභාගිවී එක් ජයග්‍රහණය බැගින් ලබාගැනීම හේතුවෙන්.