Gossips

බංග්ලාදේශය ලෝක කුසලාන සංචිතය නම් කිරීම අද

බංග්ලාදේශය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉදිරිපත් කරන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද නම් කිරීමට නියමිතයි.
ඔවුන් අවසන් වරට සහභාගි වූ එක්දින තරඟාවලියේදී නවසීලන්තය අතින් තුනට බිංදුවක පරාජයක් ලැබූ අතර, කණ්ඩායම තෝරා ගැනීමේ ගැටළු කිහිපයක්ද පවතින බව සඳහන්.
විශේෂයෙන් ඉම්රුල් කයිස් පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට නැවතත් ඇතුළත් කරන්නේද යන්න ඉන් ප්‍රධානයි.
පසුගිය නවසීලන්ත සංචාරය සඳහා නම් නොකළ ඔහු සිම්බාබ්වේ පිල සමඟ පැවති එක්දින තරඟාවලියේදී 116% ක සාමාන්‍යයක් වාර්තා කළා.
සිය ප්‍රධානතම වේග පන්දු යවන්නා වූ මුස්තෆී සූර් රහමාන් මෙන්ම මහමදුල්ලා සහ රුබෙල් හුසේන් කායික ආබාධවලට ලක්වීමත් බංග්ලාදේශ කළමනාකාරීත්වය මුහුණදෙන ගැටළු අතර වනවා.
මෙවර ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලද බ්‍රහස්පතින්දා නම් කිරීමට නියමිතයි.