Gossips

බංග්ලාදේශය ප්‍රවෘත්ති වෙබ් අඩවි 58ක් තාවකාලිකව වසයි

දෙසැම්බර් 30 වනදා මහමැතිවරණයට මුහුණ දෙන බංග්ලාදේශයේ ප්‍රවෘත්ති වෙබ් අඩවි 58ක් පැය 12ක කාලයක් සඳහා වසා දැමීමට එරට විදුලි සංදේශ නියාමන කොමිසම නියෝග කර තිබෙනවා.
බංග්ලාදේශ රජය පවසන්නේ ආරක්ෂක හේතූන් මත එම පියවර ගත් බවයි.
අදාළ වෙබ් අඩවි රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියාපදිංචි වී නොමැති නිසා ඒවායේ අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා මෙලෙස තාවකාලිකව වසා දමන බව එමගින් වැඩිදුරටත් කියා සිටියා.