Gossips

බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට සත් වසරක සිර දඬුවම්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී බේගම් ඛලීඩා සියාට එරට අධිකරණයක් මගින් අද තවත් සත් වසරක සිර දඬුවම් නියම කළා.
ඒ, පුණ්‍ය අරමුදලකින් ටකා මිලියන 31.5ක් අවභාවිතා කිරීම සඳහා බලය අයුතු ලෙස යොදා ගත් බවට එල්ල වූ චෝදනා ඔප්පු වීම හේතුවෙන්.
බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව වන 73 හැවිරිදි ඛලීඩා – සියා වත්මන් අගමැතිනී ෂීක් හසීනාගේ දිගුකාලීන ප්‍රතිවාදිනියයි.
හිටපු අගමැතිනී ඛලීඩා – සියා දූෂණ චෝදනා මත දැනටමත් 5 වසරක සිර දඬුවම් විදින අතර, අද ප්‍රකාශයට පත්වූ දඩුවම සමඟ එම කාලසීමාව වසර 12 දක්වා ඉහළ යනවා.
කෙසේ නමුත්, ඇයට එරෙහිව ගොනු කළ චෝදනා දේශපාලන පළි ගැනීම් ලෙසයි ඛලීඩා – සියාගේ ආධාරකරුවන් හඳුන්වන්නේ.