බංග්ලාදේශයේ – ඩකා අගනුවර ගැටුම් ඇතිවීමෙන් පසු පොලීසිය විපක්ෂ ක්‍රියාකාරීන් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එරට විරුද්ධ පක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා කරන්නේ දෙසැම්බර් 30 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර පාලක පක්ෂය විසින් විරුද්ධ පක්ෂය මර්දනය කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති බවයි.
