Gossips

බංග්ලාදේශයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නෙන් මියගිය සංඛ්‍යාව 78 දක්වා ඉහළට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 78 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නවතම විදෙස් වාර්තා සදහන් කළේ තවත් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ තිබූ නීතිවිරෝධී රසායනික ගබඩාවක සිදුවූ පිපිරීමක් හේතුවෙනුයි මෙම ගින්න හටගෙන තිබුණේ.