Gossips

බංග්ලාදේශයේ මහල් නිවාසයක ගින්නකින් 56 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කලේ එම නිවාස සංකීර්ණයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බවයි.
මෙම ගින්නෙන් 45 දෙනෙකු මේ වනවිට තුවාල ලබා තිබෙනවා.
කෙසේ වෙතත් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.