මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා එරට රජය දියත් කළ දැඩි ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.
මැයි මස මුලදී ආරම්භ කෙරුණු මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 18,000 කට අධිකයි.
කෘත්‍රිම මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය බංග්ලාදේශය තුළ පැතිරීමත් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහි දැඩි පියවර ගැනීමට අගමැතිනි ෂීක් හසීනා තීරණය කළා.
එහෙත්, එමගින් ලේ වැගිරීමක් සිදුවන බැවින් එම ක්‍රියාකාරකම් නතර කරන ලෙස බංග්ලාදේශ රජය වෙත බලකරන්නැයි එරට මානව හිමිකම් සංවිධාන ජගත් සංවිධානයෙන් ඉල්ලා තිබෙනවා.