Gossips

බංග්ලාදේශයේ නිවාස සංකීර්ණයක ගින්නකින් 70 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් 70 දෙනෙකු මියගොස් තිබෙනවා.
මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ තිබූ රසායනික ගබඩාවක සිදුවූ පිපිරීමක් හේතුවෙනුයි මෙම ගින්න හටගෙන තිබුණේ.
එහි ප්ලාස්ටික් සහ සුවඳ විලවුන් අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඉහළ මහල්වල නිවාස පිහිටා තිබූ බවටයි එරට මාධ්‍ය වාර්තා කළේ.
ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ භටයින් 200 අධික පිරිසක් යොදවා තිබුණා.
තවමත් ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තා ලැබී නැහැ.