බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ මෙලෙස පැහැර ගැනීමට උත්සාහ දරා ඇත්තේ බංග්ලාදේශ ගුවන් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් බවයි.
පැහැර ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී මගීන් 148 දෙනෙකු සිට තිබෙනවා.
කෙසේ වෙතත්, ගුවන් ගත කළ යානය යළිත් බංග්ලාදේශයේ චිතගොං ගුවන් තොටුපළ වෙත හදිසියේ සාර්ථකව ගොඩබැස්සවීමට නියමුවා සමත් වුණා.
පසුව යානය පැහැර ගැනීම සඳහා නියමු කුටියට ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.
25 හැවිරිදි මොහු මෙම යානය පැහැර ගැනීමට උත්සාහ දැරුවේ කුමන හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
