Gossips

බංග්ලාදේශයේ ඇඟළුම් සේවකයින් 100කට වැඩ තහනමක්

බටහිර රටවල් සඳහා ඇඟළුම් නිෂ්පාදනය කරන කම්හල් සේවකයින් 100 කට අධික පිරිසකගේ වැඩ තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම කර්මාන්තශාලාවල සේවකයින් වැඩි වැටුප් ඉල්ලා සතියකට අධික කාලයක සිට විරෝධතාවල නිරතවී ඇති අතර, ඒ හේතුවෙනුයි එම සේවක පිරිසකගේ වැඩ තහනම් කර ඇත්තේ.
අදාළ විරෝධතා අතරතුර පොලීසිය සමඟ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එක් සේවකයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
චීනයට පසු ලොව දෙවන ඇඟළුම් නිෂ්පාදන සිදුකරන රට ලෙස බංග්ලාදේශය සැළකෙන අතර, එරට කර්මාන්තශාලා 4500 කට අධික ප්‍රමාණයක සේවකයින් ලක්ෂ 40 කට අධික පිරිසක් රැකියාවල නිරතවනවා.
එමඟින් බංග්ලාදේශය වසරකට ඩොලර් බිලියන 30 කට අධික ආදායමක් උපයනු ලබන බව සඳහන්.