Gossips

බංග්ලාදේශයට කඩුළු 5 ක ජයක්

නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුළු 5 ක ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත්වුනා.
තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 214ක් රැස් කළා.
වේගවත් පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් ලබාගත්තේ පන්දු 50 කින්.
ඔහු සිය 3 වන 20 යි 20 අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 26 කින්.
කුසල් ජනිත් පෙරේරා ද වේගවත් ලකුණු 74 ක් ලබාගත්තේ පන්දු 48 කින්.
ඊට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත් වුනා.
ඔහු අද ලබාගත්තේ තම 9 වන 20 යි 20 අර්ධ ශතකයයි.
උපුල් තරංග ද පන්දු 15 කින් නොදැවී ලකුණු 32 ක් ලබාගත්තා.
ධනුෂ්ක ගුණතිලක ද පන්දු 19 කින් වේගවත් ලකුණු 26 ක් රැස් කළා.
දසුන් ශානක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 2 යි.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුළු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
මුශ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තේ පන්දු 35 කින්.
ඊට හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් ඇතුලත් වුනා. තමින් ඉක්බාල් 47 යි. ලිටන් ඩාස් 43 ක් ලබාගත්තා.
තරගයේ වීරයා සම්මානය ද මුශ්ෆිකර් රහීම් ට හිමිවුනා.