Gossips

පෞද්ගලික වෛද්‍ය පීඨ ගැන රජය ප්‍රතිපත්ති තීරණයක් ගත යුතුයි – ඇමති විජේදාස

පෞද්ගලික වෛද්‍ය පීඨ සඳහා මෙරට තුළ අවස්ථාව ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ඉදිරියේදී ගත යුතු බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීමේ පනත් කෙටුම්පත ඔහු විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී සයිටම් ආයතනයට සිසුන් බදවා ගත් ක්‍රමවේදය පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විමසීමත් සමඟ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ද මැදිහත් වුණා.
මේ අතර, ඊයේ ජාතික ආරක්ෂක අරමුදල් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ද සිදුවූ අතර එහිදී විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද අදහස් පළ කළා.